අපි ගැන


දෙහිගම්පල් කෝරළයේ පාත බුලත්ගම සභාව, රුවන්වැල්ල, යටියන්තොට යන මැතිවරණ කොට්ඨාස අඩංගුවන සේ 1940 දශකයේ සිට පැවත එන්නකි. 1963 .07.01 සිට එකී ප්‍රාදේශීය සභාව කොටස්කර යටියන්තොට සුළු නගර සභාව, රුවන්වැල්ල සුළු නගර සභාව, උඩුව පළාත් ගම් සභාව, කිතුල්ගල ගම් සභාව, මෙගොඩපත ආදී පළාත් පාලන ආයතන පිහිටුවන ලදී. ඒ අනුව පිහිටුවන ලද යටියන්තොට සුළු නගර සභාව 1981 ජූලි මස 01 වන දින සිට ක්‍රියාත්මක වූ කෑගල්ල සංවර්ධන සභාවේ යටියන්තොට උපකාර්යාලය බවට පත් විය. අනතුරුව 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතට අනුව 1988 ජනවාරි මස 01 දින සිට යටියන්තොට ප්‍රාදේශීය සභාව බවට පත් විය. එයට පළාත් පාලනය යටතේ උඩුව පළාත් සංවර්ධන උප කාර්යාලය, කිතුල්ගල පළාත් සංවර්ධන උප කාර්යාලය, මෙගොඩපත පත්තුව සංවර්ධන උපකාර්යාලය, යටියන්තොට සංවර්ධන උප කාර්යාලය අයත් විය. ඉන් පසුව 1988 ජනවාරි 01 දින සිට  යටියන්තොට ප්‍රාදේශීය සභාව 1991-06-03 දින දක්වා විශේෂ කොමසාරිස්වරයෙකු යටතේ පාලනය විය.

1991.07.01 දින මහජන ජන්දයෙන් තේරී පත්වූ මන්ත්‍රී මණ්ඩලයකින් පාලනය විය. එතැන් පටන් 1997 අප්‍රේල් 01 සිට දෙවන ප්‍රාදේශීය සභාවත් 2002 අප්‍රේල් 15 දින සිට තුන්වන ප්‍රාදේශීය සභාවත් ඉන් පසුව උඩුව පළාතේ ජනතාවගේ දැඩි ඉල්ලීම හා කැපවීම මත කෑගලු දිස්ත්‍රික්කයේ සියලු ම නායකයන්ගේ සහයෝගයෙන් යටියන්තොට කොට්ඨාසයේ වසම් විස්සකුත් ගලිගමුව කොට්ඨාසයේ වසම් හතකුත් ඒකරාශීකොට ගනිමින් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී  ජනරජයේ සුවිශේෂී ගැසට් පත්‍රයක් මගින් 2005.12.01 IV(අ)වැනි ප්‍රකාශිත  පරිදි බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාව පිහිටුවන ලදී. 2006.04.15 දින පිහිටුවන ලද නව බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාව මහජන ජන්දයෙන් තේරී පත්වූ සභාපති හා උප සභාපති ඇතුළු මන්ත්‍රීවර් දසදෙනෙකුගෙන් සමන්විත වේ.

(බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාවේ වත්මන් ගරු සභාපති රුවන් සංජීව දියසුන්නත මැතිතුමා)

(බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාවේ වත්මන් ලේකම්තුමිය පද්මිණී සෙනෙහෙලතා මහත්මිය)


බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාවේ වත්මන් ගරු සභාපති ලෙස රුවන් සංජීව දියසුන්නත මැතිතුමාත්, ගරු ලේකම්තුමිය ලෙස පද්මිණී සෙනෙහෙලතා මහත්මියත් කටයුතු කරන අතර 35කට ආසන්න කාර්යය මණඩලයකින් ප්‍රදේශීය සභාව සවිබල ගැන්වී ඇත.