Friday, March 2, 2012

බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාව සයිබර් අවකාශයට.....


2012 මාර්තු මස 02 වන දින කෑගල්ල පළාත් පාලන සහකාර  කොමසාරිස් දුලිප් සොමිරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාවේ පැවති කාර්යයසාධන මෙවලම පිළිබද දැනුවත් කිරිමේ වැඩසටහනේදී එතුමාගේ සුරතින් බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාවේ නිල බ්ලොග් අඩවිය සයිබර් අවකාශයට දියත්කරන ලදි.


මෙම වැඩසටහන සඳහා බුලත්කොහුපිටිය ප්‍රාදේශිය සභාවේ වත්මන් ගරු සභාපති රුවන් සංජීව දියසුන්නත මැතිතුමාත්, බුලත්කොහුපිටිය ප්‍රාදේශිය සභාවේ ලේකම් පද්මිණි සෙනෙහෙලතා මහත්මියත් බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාවේ කාර්යය මණ්ඩලයත් සහභාගීවිය.


ප්‍රාදේශීය සභාව තුලින් ප්‍රදේශයට ඉටුවන සේවවාත්, ප්‍රදේශවාසීන්හට ප්‍රාදේශීය සභාව තුලින් යම් කාර්යයක් ඉටුකරගන්නා ආකාරයත්, බුලත්කොහුපිටිය ප්‍රදේශය තොරතුරු තාක්ෂණයෙන් ඉදිරියට ගෙන විශ්ව ගම්මානයට එක්කිරීමත් මෙම බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාවේ නිල බ්ලොග් අඩවිය දියත් කිරීමේ ප්‍රධාන අරමුණුවේ.




.